Skip to product information
1 of 17

SKU:LK4KW6BJH9

ලක්පුර® විජලනය කළ බෙලිමල් (ඒගල් මාමෙලෝස්) මල්

ලක්පුර® විජලනය කළ බෙලිමල් (ඒගල් මාමෙලෝස්) මල්

Regular price Rs 1,000.00 LKR
Regular price Rs 500.00 LKR Sale price Rs 1,000.00 LKR
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
ප්‍රමාණය

ඉංග්රීසියෙන් බේල් ලෙස පොදුවේ හඳුන්වන අතර මහර සංස්කෘතීන්වල ගල් ඇපල් හෝ රන් ඇපල් ලෙස හැඳින්වෙයි, බෙලි (Aegle Marmelos) යනු ශ්රී ලංකාව ඇතුළු සමහර අග්නිදිග රටවලට සහ ඉන්දියානු උප මහද්වීපයට ආවේණික ගසකි. මෙම ගස බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර පූජනීය ලෙස සලකනු ලබන අතර, එහි ඉහළ පෝෂ්ය පදාර්ථ සඳහා ද ප්රසිද්ධය. බෙලිමල් නොහොත් බෙලි මල, එහි ඇති බොහෝ ඖෂධීය වටිනාකම් නිසා ආයුර්වේද ඖෂධීය පිළිවෙත් වල සහ සෞඛ්යය ගැන සැලකිලිමත් පුද්ගලයින් අතර භාවිතා කර ඇත.

ප්රෝටීන සහ විටමින් බහුල බෙලිමල්, ශරීරයේ තෙහෙට්ටුව නිවාලීමටත් රුධිරය පිරිසිදු කරමින් සිරුරේ ඇති අහිතකර විෂ ද්රව්ය ඉවත් කිරීමටත් උපකාරී වන අතර, ශරීර බර සහ කොලෙස්ටරෝල් පාලනය, චර්ම රෝගවලින් ආරක්ෂාව සැලසීම, ආහාර ජීරණය ක්රමවත් කිරීම, බඩවැල් ආශ්රිත රෝග සමනය කිරීම, සම පැහැපත් කිරීම සහ ගැස්ට්රයිටිස් ඇතුළු ආමාශයේ ඇතිවන අධික ආම්ලිකතාවය පාලනය කිරීම වැනි සෞඛ්ය ප්රතිලාභ රැසක් ලබා දෙයි.

මෙම මල් ගෙවතු සහ කුඩා පරිමාණ වගාබිම් වලින් එකතු කරගන්නා අතර, එහි ස්වාභාවික ගුණයට කිසිදු හානියක් නොවන අයුරින් සකස් කරනු ලබයි. ඔබට ඉතා පහසුවෙන් බෙලිමල් ස්වල්පයක් උතුරන වතුර කෝප්පයකට එකතු කර, විනාඩි කිහිපයක් තබා එහි ස්වාභාවික ගුණය සහ රසය විඳගත හැකිය.

View full details